Latest Post

හෙළ උරැමයේ බිලියනයේ නඩුවට අගමැති උත්තරය: හොර චීවරධාරියන් අමුඩ ගස්සල මහවැලි ග‍‍ඟේ පහළට යවන්න ඕනෙ

imagesඅගමැති ද.මු. දසනායකගෙන් තමන්ට අපහාස කළැයි රුපියල් බිලියනයක් ඉල්ලා හෙළ උරුමයෙන් යැවූ නඩු ලිපියට වහෙන් ඔරෝ භාෂාවෙන් පිළිතුරු දෙන අගමැති කියන්නේ හොර චීවරධාරියන් අමුඩ ගස්සල මහවැලි ග‍‍ඟේ පහළට පා කර යැවිය යුතු බවයි. දිගටම කියවන්න

  • මේ  කතාව බලන්න: අසීමාන්තිකව සහනදීමෙන් රට දිගින් දිගටම අගාධයකට යොමුවන බව කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. මින් ඉදිරියට ජනතාවට සහන ලබාදීම අපහසුවෙන් වුවද අත්හිටුවීමට රජය කටයුතු කරන බවද අමාත්‍යවරයා ඊයේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කියා සිටියේය. (more…)
  • ‘නිර්භීතයින් අතර නිර්භිතයා’ යැයි සිය වෘත්තීය සගයින් විසින් ආදර ගෞරවයෙන් පිදුම් දුන් ඇයට නූතන මර්තා ගෙල්හෝන් යැයි  කියන්නට අයෙක් පුරුදුව සිටියහ. මාර්තා ගෙල්හොන් වනාහී දක්ෂතාවයෙහි, කැපවීමෙහි සහ නිර්භීතකමෙහි සංකේතයක් බඳු වූ  විසිවන සියවසෙහි ශ්‍රේෂ්ඨතම යුද වාර්තාකාරිනියයි. 1908 දී මෙලොව එළිය දුටු මාර්තා මාධ්‍යකරණයට එළඹි 1929 සිට මෙලොව හැර ගිය 1999 දක්වාම වාර්තාකරණයේ සහ ලේඛනයේ යෙදුණි. ඇය 1939 ස්පාඥ සිවිල් යුද්ධය, 1941 චීන-  ජපාන යුද ගැටුම, 1943 - 45 දෙවන මහා ලෝක යුද්ධය, 1946 ඉන්දුනීසියානු - නෙදර්ලන්ත යුද ගැටුම, 1963 - 1978 වියට්නාම් යුද්ධය, 1978 - 1998 නිකරගුවානු සහ එල් සැල්වදෝරියානු යුද ගැටුම් වාර්තා කළා ය. ඇයගේ වාර්තා යුද්ධයේ කුරිරු බව පෙන්නුම් කළ මානවවාදී දෘෂ්ඨියකින් යුතු වූ නමුත් සෑම විටම සත්‍ය මත පදනම් වී තිබුණි. යුද හමුදා සමඟ ගමන් කළ කිසිදු අවස්ථාවක ඇය ආරක්ෂාව පිණිස හෝ යුද හමුදා නිල ඇදුම් නොඇදි එකම යුද වාර්තාකරු/කාරිනිය ඇය යැයි කියනු ලැබේ.  වියට්නාම් යුද්ධය පිළිබඳ වාර්තාකරණයන් නිසා ඇමෙරිකානු රූකඩයක් වූ දකුණූ වියට්නාමය ඇයට එරටට ඇතුල් වීම තහනම් කොට තිබුණි. (more…)
  • සුනන්ද දේශප‍්‍රිය- 22.04.2012. සොරකම් කරන ලද අද ව්‍යවහාරයෙන් නම් පැහැර ගන්නා ලද  අළු පුහුල සොයා ගැමියෝ හතර අත විපරමක් දියත් කළහ. කොලූ ගැටව් දැළි අඟුරු වලින් ගම පුරා බිත්ති වල මෙවැනි පැහැර ගැනීම් ගැන දනන් තුඩ තුඩ පැවැති සැක සංකා මතු කරමින්  සටන් පාඨ ලීවෝ ය. ‘‘මේ පුහුලත් ඉස්සුවේ වෙන කව්රුවත් නොවෙයි’’ යන්න වැඩිම ජනප‍්‍රිය සටන් පාඨය බවට වුයේ අළු පුහුල් උස්සන්නේ කව්රුන් විසින්දැයි මේ වන විට ගැමියන් දැන සිටි නිසා ය.  ගොවි සමිති විශාල ප‍්‍රමාණයක් එක් රුස්ව  එක් වී ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කරමින් දිගින් දිගටම සිදුවන මෙවැනි පැහැර ගැනීම් නතර කනු වස් එකා සේ එක්  වන ලෙස ආයාචනයක් කළෝ ය. නහයට නොඅසන කොලූ ගැටව් කීප දෙනෙක් ‘අළු පුහුලත්  රාජකීය වැඩක්’ යැයි ලියූ  පාට පාට බැලූම් තොගයක් අහසට යවා  තිබුනේ හැමෝටම පෙනෙන්නට ය. හැම ගොවි ගෙදරකම කියැවුනේ ‘වෙන කව්රුවත් නොවෙයි’ කියන  කතාවය. සොර දෙටුවාගේ නම කිවොත් තොපටත් අළු පුහුලට වූදේ ම වෙනු ඇතැයි කියමින් අවතාර වැනි රාජ සේවකයින් සෑම රැයකම  ගම බියවද්දවා තිබුනි. (more…)

නවතම ලිපි


RSS නොදන්නා පෝෂකයක්

  • දෝෂයක් මතුවිය. බොහෝවිට පෝෂකය ක්‍රියාත්මක නොවේ. නැවත උත්සාහ කරන්න.

RSS නොදන්නා පෝෂකයක්

  • දෝෂයක් මතුවිය. බොහෝවිට පෝෂකය ක්‍රියාත්මක නොවේ. නැවත උත්සාහ කරන්න.

RSS නොදන්නා පෝෂකයක්

  • දෝෂයක් මතුවිය. බොහෝවිට පෝෂකය ක්‍රියාත්මක නොවේ. නැවත උත්සාහ කරන්න.

මැයි 2024
බ්‍ර සි සෙ
 12345
6789101112
13141516171819
20212223242526
2728293031